2020, 2021 සහ 2022 උසස් පෙළ විභාග සඳහා සූදානම් විය යුතු දරුවනට ඔබගේ විභාග වලට අදාළ විෂය නිර්දේශ අධ්‍යයනය පාසල් හෝ ටියුෂන් පංති ආරම්භ වන තුරු සිදුකිරීම සඳහා වේදිකාවක් (Online Platform) ඉන්දීප ආයතනය මගින් ගොඩනගා ඇත. මේ හරහා නුගේගොඩ – සැසිප්, ගම්පහ – ඉන්දීප සහ මහනුවර -No Zero ආයතන වල මාගේ පන්ති වලට (රසායන විද්‍යාව) සඳහා සහභාගී වූ දරුවනට අනුපිළිවෙලින් සිද්ධාන්ත, පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර ලිවීමටද, සම්බන්ධ විය හැකිය. දී ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් අපගේ පන්තිවලට සහභාගී නොවූ දරුවන්ටද මෙයට සහභාගී විය හැකිය.
වැදගත්
(1). ඉන්දීප ආයතනයේ පන්ති පවත්වන අනෙක් ගුරුවරුන්ගේ පාඩම් සඳහාද මෙමගින් සම්බන්ධ විය හැක. වෙනත් අන්තර් ජාල වේදිකා හරහා උගන්වන ගුරුවරුන් ඒ පිළිබදව ඔබ දැනුවත් කරුනු ඇත.
(2). සතියක් තුල ඔබගේ පන්තිවල ඉගැන්වූ ආකාරයටම එතැන් සිට පාඩම් ඉදිරිපත් කෙරේ. මතුවන ප්‍රායෝගික දුෂ්කරතා සලකා වෙන වෙනම වීඩියෝ ලෙස ලබාගත හැකිවන පරිදි මේවා සකසා ඇතිබැවින් ඔබ කැමති වේලාවක මේවා අධ්‍යයනය කල හැකි නමුත් එකම වීඩියෝව එක් දරුවෙකුට දෙවරක් පමණක් නැරඹිය හැකිය.
(3). මුලින් සති දෙකක් පමණක් ඉදිරිපත් කරන පාඩම් ඔබට නොමිලේ ලබාගත හැකි නමුත් ඉන් පසු එක් දිනක පාඩම් සදහා මුදල් ගෙවිය යුතු අතර එම මුදල අදාළ වීඩියෝව සමගම දක්වා ඇත. මේ සඳහා මුදල් ගෙවීම් කාඩ්පත් මගින් කළ හැකිය. (ඕනෑම බැංකුවක Master / Visa) බැංකු ශාඛා මගින්ද ගෙවීම් කළහැකිවන අතර බැංකු ශාඛාවලටද ගෙවීම් කලහැකිය. නිදහස් කාඩ්පත් තිබූ දරුවන් ඒ පිළිබඳ විස්තර දන්වා නිදහස් ප්‍රවේශය සකස් කරගත යුතුය.
(4). අන්තර් ජාලය හරහා සම්බන්ධ විය නොහැකි දරුවන්ට මෙම පාඩම් නැවත ඉගැන්වීම සිදුකරන මුත් පවතින තත්වය යටතේ විශේෂයෙන් 2020 විභාගය ඊට පෙර පැවැත්විය හැකි බැවින් සියළුම දෙනා අන්තර් ජාලය හරහා සම්බන්ධ වීමට උත්සහා කළ යුතුය.
(5). පන්තියේදී මෙන් පාඩම අවසාන වනතෙක් ඔබව පාඩමටම සම්බන්ධ කරගැනීමට ගුරුවරයාට නොහැකි බැවින් නොකඩවා මෙය කරගෙන යාම සඳහා කල්තබා සැලසුම් කරගෙන ආරම්භ කරන්න. වීඩියෝව නරඹන අතරම කෙටි සටහනක් හෝ සාදාගත යුතු අතර සටහන් එවන අවස්ථාවලදී ඒවා ඔබට බාගත කරගත (download) නොහැකි වන අතර ප්‍රශ්න පත්‍ර ඔබට බාගත කරගත හැකිවේ. (අනවශ්‍ය අය බාගත කරගැනීම වැළක්වීම සහ බුද්ධිමය දේපලක් වන බැවිනි)
කිසිඳු වැඩක් නොකර කාලය ගතවූවහොත් එම කාලය අවසානයේ ඔබ නිකමෙකු හෝ යාචකයකු බවට පත්වේ. මේ නිසාම දිගටම වැඩ කිරීමෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට අදිටන් කරගන්න.